2015 වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයේ විනිසුරු මඬුල්ල සඳහා කුමාර් ධර්මසේනත්, තරග තීරකයන් ලෙස රොෂාන් මහානාම හා රංජන් මඬුගල්ලත් එක්ව සිටිති.
ලෝක කුසලාන තරගාවලිය සඳහා තරග තීරකවරුන් පස්දෙනෙක්, අයි.සී.සී. පළමු පංතියේ විනිසුරුවන් 12 දෙනෙක් හා අයි.සී.සී. විනිසුරන් 8 දෙනෙක් මෙවර තරගාවලියේ නිලධාරීන් වශයෙන් එක්ව සිටිති.