මහාධිකරණයේ දිනපතාම නඩු විභාග කිරීම අනිවාර්ය කිරීමට රජය තීරණය කර තිබේ.
මෙතෙක් කලක් මහාධිකරණවල දිනපතා නඩු විභාග නොපැවැත්වෙන අතර, ඒ හේතුවෙන් නඩු විශාල සංඛ්‍යාවක් ගොඩගැසී තිබේ. මේ අනුව 2017 සැප්තැම්බර් මාසය වනවිට මෙරට මහාධිකරණවල විභාග වෙමින් පැවති මුළු නඩු සංඛ්‍යාව 17565ක් විය.
ජූරි සභාවක් සහිතව හෝ රහිතව මහාධිකරණයේ පැවැත්වෙන සෑම නඩු විභාගයක්ම, හැකි සෑම විටක දී ම, දිනපතා පැවැත්විය යුතු බව 1979 අංක 15 දරන අපරධ නඩු විධාන සංග්‍රහ පනතේ 263(1) වන අතුරු විධානයේ සඳහන් ව තිබේ.
ඒ අනුව විශේෂ අවස්ථාවලදී සහ සඳහන් කිරීමට ප්‍රමාණවත් තරම් සාධාරණ හේතු තිබෙන අවස්ථාවලදී හැර, මහාධිකරණයේ නඩු විභාග දිනපතා පැවැත්වීම අනිවාර්ය කිරීම සඳහා විධිවිධාන සලසමින් අපරාධ නඩු විධාන සංගහ පනත සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.