ගාල්ල, මහමෝදර මාතෘ රෝහලට ඇතුළු කර සිටි මවක අද (11දා) දහවල් දෙබිඩි දරු උපතක් සිදුකර ඇත.
මෙම දරුවන් දෙදෙනා ගැහැනු දරුවන් වන අතර, ඔවුන් දෙදෙනා බද්ධ වී ඇත්තේ සිරුරේ පහළ කොටසිනි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ප්‍රියංකරී අමරදිවාකර මහත්මිය සිදුකළ සිසේරියන් සැත්කමක් මගින් මෙම දරු දෙදෙනා උපත ලබා තිබේ.
එම දරුවන්ගේ මව නීරෝගීව සිටින අතර දරු දෙදෙනා දැඩිසත්කාර ඒකකයට ඇතුළු කර තිබේ.
ගාල්ල රවිඳු දීයගහගේ/ ජිනේෂ් නානායක්කාර