පේරාදෙණිය පොලීසිය විසින් ඊයේ (08දා) රාත්‍රියේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී හදිසි නීති රෙගුලාසි කඩ කරමින් සිටි පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
මෙම මෙහෙයුම්වලදී හදිසි නීති රෙගුලාසි නොතකා ධාවනය කළ වාහන, වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ 7 ක්, බීමතින් රිය පැදවූ පුද්ගලයෙකු (මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු) හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
චමිල් රූපසිංහ/පේරාදෙණිය සෙනරත් බණ්ඩාර