පසුගිය දිනවල මහනුවර ප්‍රදේශයේ ඇති වූ විවිධ සිද්ධි නිසා මියගිය අය වෙනුවෙන් ලබාදෙන වන්දි මුදල්වල අත්තිකාරම් මුදල් ඊයේ (12දා) සවස අදාළ පුද්ලයන්ගේ ඥාතීන්ට ලබාදී තිබේ.
මේ අනුව මරණයට පත් එක් පුද්ගලයෙකු වෙනුවෙන් ලක්ෂ 05ක වන්දියක් හා අවමඟුල් කටයුතු සඳහා රුපියල් 15,000ක් ලබාදීමට සැලසුම් කර ඇත.
මේ අනුව ඊයේ එක් මරණයක් වෙනුවෙන් අත්තිකාරම් මුදල් වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් හා අවමඟුල් කටයුතු වෙනුවෙන් ලබාදෙන රුපියල් 15,000ක මුදල බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන අමාත්‍යාංශය විසින් ලබාදී ඇත.
ඉතිරි රුපියල් ලක්ෂ 04ක මුදල ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට සැලසුම් කර තිබේ.