මහනුවර ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම පිළිබඳව සෙවීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇත.විශ්‍රාමික විනිසුරුවරු තිදෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විතය.
මෙම කලහකාරී සිදුවීමට මුල් වූ කරුණු අතර නීතිය හා විධානය කඩවී ඇත් ද යන්න, පුද්ගලයින්ට සිදුවූ ජීවිත හා දේපළ හානි පූරණය කිරීම, මෙම සිදුවීම් පිටුපස කුමන්ත්රණකාරී හස්තයන් ක්‍රියාත්මක වූයේ ද යන්න, අනාගතයේ දී මෙවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු පියවර සහ මෙම තත්ත්වය මැඩපැවැත්වීමට අදාළ බලධාරීන් ක්‍රියාත්මක වූ ආකාරය හා ඔවුන්ගේ වගවීම ආදී කරුණු පිළිබඳවත් මෙම කමිටුව මගින් විමර්ශන කටයුතු සිදුකෙරෙනු ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසයි.
ඒ සඳහා පත්කරන විශ්‍රාමික අධිකරණ විනිසුරුවරුන් තිදෙනා ඉදිරියේදී නම් කිරීමට නියමිතය.