පසුගියදා මහනුවර දිස්ත්‍රික්යේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට 146 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් මහනුවර ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වී තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නිතීඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඊයේ(10දා) උදෑසන වන විට ගත වූ පැය 24 තුළ පුද්ගයින් 65 දෙනෙකු අත්අඩංගුකට පත් වූ බව කොළඹ පොලිස් මූලස්ථානයේ ඊයේ (10දා) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා සඳහන් කළේය.
ඒ මහතා ප්‍රකාශ කළේ අන්තර්ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් ඊයේ(10) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගයින් 10 දෙනාගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් විමර්ශන කටයුතු සිදු කෙරෙන බවයි.