මහනුවර ශික්ෂණ රෝහල් භූමියේ අනවසර පදිංචිකරුවන් කඩිනමින් ඉවත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
මහනුවර ශික්ෂණ රෝහල් භූමියට අයත් අක්කර 40 ක් පමණ වෙනත් පුද්ගලයින් විසින් අත්පත් කරගෙන ඇති බවත් එයින් අක්කර 18 ක් මේ වනවිට යළි රෝහල් සංවර්ධන කටයුතු සදහා පවරා ගෙන ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
පවරා ගැනීමට නියමිත ඉතිරි අක්කර 21 කද රෝහලට පවරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී රෝහල් අධ්යක්ෂවරයාට දැනුම් දී ඇත.
ශ්‍රී ලංකාවේ දෙවැනි ජාතික රෝහල ලෙස මහනුවර ශික්ෂණ රෝහල සංවර්ධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබේ.
දැනට මහනුවර ශික්ෂණ රෝහලෙන් මසකට රෝගීන් 215,000 ක් පමණ ප්‍රතිකාර ලබාගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
එසේම රෝහලේ සේවා කටයුතු පුළුල්වීම සමග ඉදිරියේ දී අධ්‍යක්ෂවරයෙකු වෙනුවට නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීමටද අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇත.