මහනුවර සිද්ධියේදී ජාතීන් අතර අසමගිය ඇති කරවන ආකාරයට කටයුතු කිරීමේ චෝදනාව මත අත්අඩං‘ගුවට ගත් ප්‍රධාන සැකකරු භාවිතා කළ ජංගම දුරකථන පරීක්ෂාවකට ලක් කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම පරීක්ෂා කිරීම්වලින් අදාළ පුද්ගලයා සමග සම්බන්ධතා පැවැත් වූ පිරිස් සොයාගැනීමට හැකි වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාව මත සැකකරුවන් දස දෙනෙකු පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, එම පිරිසේ ප්‍රධානියා ලෙස සැලකෙන්නේ අමිත් ජීවන් වීරසිංහ නමැතැතෙකි.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව ඔහු විසින් පවත්වාගෙන ගිය කාර්යාලයක් තුළ තිබී පෙට්‍රල් බෝම්බ 07ක්ද සොයාගෙන තිබේ.