කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය 2020 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර විවෘත කිරීමට බලාපොරොත්තු වන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය
ගණේමුල්ල ගුවන් පාලම විවෘත කිරීමෙන් අනතුරුව අද (11දා) පෙරවරුවේ පැවති ජනහමුවේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
" දැනට කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ තැනීම් කටයුතු ආරම්භ කොට තියෙනවා. එහි කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් චීන සමාගමකට භාර දී තිබෙනවා. මීරිගම සිට කුරුණෑගලට දේශීය කොන්ත්‍රාත් සමාගමකට ලබා දී තිබෙනවා. තුන්වන කොටස පොතුහැර සිට ගලගෙදර දක්වා ජපන් සමාගමකට භාර දී තියෙනවා. මේ අධිවේගී මාර්ගය 2020 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යැයි ද පවසා සිටියේය.
ගම්පහ තිලකරත්න දිසානායක