වසර 30 යුද්ධය අවසන් කිරීමට තම සියල්ලම කැපකළ රණවිරුවන් සැමරීමට රජය අපොහොසත් වී ඇතත් එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් සැමරීමට උතුරේ සැමරුම් උත්සව පවත්වන බව මහනුවර දිස්ත්රිකක් පාර්ලිමේන්තු මන්ත්රි් දිලුම් අමුණුගම මහතා පැවැසීය.
අමුණුගම මහතා මෙසේ පැවැසුවේල ගැටඹේදී අද (18දා) යුද්ධයේදී මිය ගිය රණවිරුවන්, ආබාධිත රණවිරුවන් හා සියලුම රණවිරුවන්ට උපහාර පිදිම පිණිස පවත්වන්නට යෙදුණු විජයග්‍රහණය රථ පෙළපාළියේදීය.ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය අසලින් ආරම්භ කළ රථ පෙළපාළිය මයිලපිටිය රණවිරු උද්‍යානය දක්වා ගමන් කෙරිණි.
"එකම රටේ නිති දෙකක්. උතුරේ අද ශෝක දිනයක්. රණවිරුවන් ත්රදස්තවාදීන් වෙලා. බුද්ධි අංශ නිලධාරින් අද හිරබත් කනවා. ත්රස්තවාදීන් අද ස්මාරක ඉදිකරනවා. ත්‍රස්තවාදීන්ව සිහි කරලා පහන් පත්තු කරනවා. අද අපි සමරන්නෙ රණවිරුවන් නමුත් උතුරේ අය ත්රස්තවාදීන් ප්‍රභාකරන්ල සමරලා ශෝක දින කරනව නම් රට තුළ සැම ප්‍රෙද්ශයකම ප්‍රභාකරන්ව සමරන්න පටන් ගත්තොත් එය නැවැතීම ලේසි වෙන්නේ .
එකම රජයකට යටත්ව එකම නීතියකට යටත්ව සිටින සියලු රට වැසියන් ඇති රටේ උතුරට ශෝක දිනයක් කරන්නට එක නීතියකුත් දකුණට එක නීතියකුත් ඇති රජයක් සිටීම විහිළුවක්. රජය විසින් රණවිරුවන් සැමරිම සිදුකළ යුතු වුවද එය සිදුකිරීමට වෙලා තියෙන්නේ අපිටම” යැයි පවසා සිටියේය.