එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් සමාප්ති උලෙළට සහභාගි වීම සදහා විශේෂිත දුම්රියකින් මහනුවරට පැමිණි දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් සඳහා සැලකිය යුතු ප්‍රවාහන පහසුකම් සපයා නොතිබීම හේතුවෙන් ඔවුහු දැඩි අසීරුතාවකට මුහුණ දුන්හ.
කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය පෙරවරු 10.20 ට ළඟාවීමට නියමිත වුවද, පෙරවරු 10.00 පමණ වන විට දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයට ළඟා විය
පළමු දුම්රියේ ආ අමුත්තන් පිරිස මහනුවර දුම්රිය ස්ථානයේ සිට වායුසමනය කළ සුඛෝපබෝගී බස් රථවල සිට නවාතැන් ගන්නා ස්ථානවලට ගිය අතර, අනික් දුම්රියේ පැමිණි පිරිස් විනාඩි 40 ක් පමණ අවශ්‍ය බස් රථ නොමැති විම නිසා මාර්ගයේ රැඳී සිටියහ.
කෙසේ වෙතත් මෙම පිරිස සඳහා වෙන් කළ බස් රථ නොපැමිණීම හේතුවෙන් මහනුවර පොලීසියේ නිලධාරීන් මහනුවර සිට මගීන් ප්‍රවාහනය කරන බස් රථ ගෙන්වා අමුත්තන් පිරිස දුම්රිය ස්ථානයේ සිට නවාතැන් ගන්නා ස්ථාන කරා ගෙන යනු ලැබිණි.
මහනුවර මගීන් ප්‍රවාහනය කරන ලද බස් රථ සියල්ල තමන්ගේ මගී ප්රහන ගමන් වාර නවතා මහනුවර පොලිස් නිලධාරීන්ගේ ඉල්ලීම මත මෙම අමුත්තන් අපහසුතාවට පත්වීම මග හරවාගැනීමට සහාය දැක්වීම පිළිබඳ පොලීසියට හා පෞද්ගලික බස් රථවලට ජනතාවගේ ප්‍රශංසාව හිමි විය.