එක ජාතියක් ජාතිවාදය අවුලනවිට එදෙස බලා සිටින අනිකුත් ජාතීන්ද ජාතිවාදය අවුලුවාලීමට කටයුතු කරන බවත්, එබැවින් මුලින්ම මහජාතිය වන සිංහලයන්‘සිංහල ජාතිවාදය’ නතර කළ යුතු බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
එවිට දෙමළ ජාතිවාදයද නවතා සියල්ලන්ට එක්විය හැකි බවත්, ඒ වෙනුවෙන් මාධ්‍ය බුද්ධිමත්ව කටයුතු කළයුතු බවත් අමාත්‍යවරයා පැවසුවේ අද (26දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.