ජලයෙන් යට වූ නිවාසවල ජලය බැස ගිය පසු පිරිසුදුකාරක යොදා පිරිසුදු කරන තෙක් පදිංචියට නොයන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලා සිටියි.
ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා පිරිසුදු කාරක ලබාගත හැකි බවත්, එසේ නොමැති නම්, 011-2635675 යන දුරකථන අංකය අමතා අවශ්‍ය උපදෙස් ලබාගත හැකි බවත් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
මීට අමතරව ජලයෙන් යට වූ ළිං භාවිත කිරීමේදීද මෙම ක්‍රමය භාවිත කරන ලෙසත්, සෑම විටම පිසූ ආහාර රස්නය පිට අනුභව කළ යුතු අතර, උතුරුවා නිවාගත් ජලය හෝ පිරිසුදු බවට තහවුරු කරගත් ජලය පමණක් භාවිත කරන ලෙසත් එම සංගමය ඉල්ලා සිටියි.