මෙවර අයවැයට මහජනයා විසින් එවන ලද අදහස් හා යෝජනා ඉවත දමා තිබීම පිළිබඳ ජනතාවගේ විරෝධය පළවී ඇතැයි ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද (07දා) පැවැසීය.
අයවැය සකස් කිරීම සඳහා අදහස හා යෝජනා ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශය දැන්වීම් පළකිරීමෙන් පසුව ජනතාව ලිඛිත යෝජනා එවා තිබූ බවත්, එම අදහස් හා යෝජනා අයවැයට ඇතුළත් කර නැතැයි ජනතාව පවසන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.