දෙමටගොඩ මවුලානා වත්ත ප්රදේශයේ පිහිටි නිවාස පෙළක හදිසි ගින්නක් හටගෙන ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ (19දා) රාත්රියේ මෙම ගින්න ඇතිව තිබෙන අතර ගින්නෙන් නිවාස 9ක් හානිවී ඇත. ගින්නට හේතුව අණාවරණය වී නොමැති බවත් ගින්න හේතුවෙන් ඇතිවූ හානිය තක්සේරු කර නොමැති බවත් පොලීසිය පවසයි.