පෙසොන් පොහොය නිමිති කරගෙන සූදානම් කර ඇති උත්සව අවස්ථාවන් සහ දන්සැල් ආදිය සඳහා අවශ්‍ය වියදමින් කොටසක් අධික වර්ෂාව හේතුවෙන් අවතැන්වූ ජනතාව වෙනුවෙන් ලබාදෙන ලෙස මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ අද (28දා) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉල්ලා සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,
“මෙම ආපදා තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශාල පිරිසක් මියගොස්, විශාල පිරිසක් අවතැන්ව ඇඳිවත පමණක් සහිතව සිටිනවා. මේ හේතුවෙන් මෙවන් ජනතාවන්ට පිහිටවීම සඳහා අපේ බෞද්ධ මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටින්නේ ඔබ වහන්සේලාගේ දායකකාරාධීන් දැනුවත් කර අසරණ ජනතාවට ලැබෙන දේ සාධාරණව බෙදා හැරීමේ නිසි වැඩපිළිවෙළක් ඇතිකිරීම අවශ්‍යයි”. යනුවෙන් වැඩිදුරටත් පවසා සිටියහ.