මල්වතු නාහිමි නමින් ජපාන රැකියා දෙන බව පවසමින් ජාවාරමක්
මල්වතු මහ නාහිමි මූලිකත්වයෙන් ජපන් රටේ රැකියා හා අධ්‍යාපන අවස්ථා ලබාගත හැකි බව පවසමින් පුද්ගලයන් රවටා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මල්වතු මහනායක අතිපූජ්යය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ දැනුම් දීම මත මහනුවර පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක ගුරුවරියකට දුරකථන මගින් කතා කර මල්වතු මහනාහිමියන් වහන්සේගේ ආශීර්වාද මත ජපන් රටට පුද්ගලයන් යැවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බවත් සීමිත පිරිසක් සඳහා එම අවස්ථාව ලැබෙන නිසා හැකි ඉක්මනින් මුදල් බැර කළ යුතු බවත් දැනුම් දී ඇත.
ඒ අනුව අදාළ ගුරුවරිය අවස්ථා දෙකකදී එම ගිණුමට රුපියල් 95,000 ක් බැර කර ඇත්තේ ඇගේ පුතා ජපන් රටට යැවීමේ අදහසිනි.
මේ සම්බන්ධ තොරතුරු මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේට දැන ගන්නට ලැබීමෙන් පසු උන්වහන්සේ ඒ බව මහනුවර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත දැනුම්දී තිබේ.
තමන් වහන්සේ කිසිදු අවස්ථාවක මෙවැනි ක්‍රියා සඳහා අනුබල දීමක් සිදු නොකරන බැවින් අදාළ වංචාව සිදුකරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කරන ලෙස උන්වහන්සේ පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


