මරුසිරාගේ බිරිඳ ගෙයක් ඉල්ලයි
"නීතියෙන් වැරදි වුණත් මගේ මහත්තයා මංකොල්ල කෑවෙ අසරණ මිනිසුන්ගේ කුසගින්න නිවා දමන්නයි. එහෙම එදා කළත් අද මගේ දරු මුණුබුරන්ටවත් ගෙයක් හදාගන්න බැරිවුණා. අවසානෙය් මගේ මහත්තයා කළ වැරදිවලට මරණ දණ්ඩනය නියම වි එල්ලුම් ගහට ගියා. අද මම අසරණයි"
ඒ 1970 දශකයේ අගභාගයේදී එල්ලුම් ගහට නියමවී මරණ දඬුවම නියම වූදැඩිගම ජයතුංගලාගේ සිරිපාල නොහොත් 'මරුසිරා'ගේ බිරිඳගේ දුක්ගැනවිල්ලයි.
"1975 වසරේ මුළු ලංකාව තුළම ආහාර අහේනියක් පැවතුණා. ඒ කාලයේ අනුරාධපුර, සාලියපුර, ජයන්ති මාවත නැමැති මේ ගම අලිලගින මහ කැළයක්. ඒ කාලයේ මිනිසුන්ට කෑමබීම බොහොම හිඟයි. මගේ මහත්තයා මංකොල්ලකාලා අසරණ මිනිස්සුන්ගේ කුසගින්න නිවන්න ආහාරපාන මෙන්ම මිල මුදල් ලබාදුන්නා. මෙසේ කොල්ලකෑම් කීපයක් සිදුකරමින් සිටියදී අපේ අල්ලපු ගමේ හිටපු සීමන් නැමැත්තාට වෙඩි තිබ්බා. ඔහුගේ නිවසට ගිනිතිබ්බා, ඉන්පසු මගේ මහත්තයා කැලෑගත වුණා, සීමන්ට උල්පන්දම් ඇල්ලූ, කේලම් කියපු තවත් කෙනෙක් මරා දැම්මා. මේ පිරිස් එකතු වෙලා මම හිටපු නිවසට ගිනි තිබ්බා. මගේ දරුවොත් එක්ක මම ඒ කාලයේ හිටියෙගණ කැලෑවෙ මහා ගස්යට.
ටික කලකට පසු මම ගෙදර තිබුණු කුකුළු කූඩුව සුද්ධ කරගෙන දරුවොඑහි තියාගෙන ජීවත් වුණා. ටික කලක් එහි සිටියදී හතුරො ඇවිත් මම හිටපු කුකුළුකූඩුවත් කඩා පොඩිකර දැම්මා. අපට ඉන්න හිටින්න මං නැතිව ගියා. ඉතාමත්ම අසරණ ජීවිතයක් මම ගෙව්වා. මට දරුවො06 දෙනෙක් ඉන්නවා. ඒ අයට දාව උපන් මුණුබුරු මිනිබිරියන් කීපදෙනක්ම සිටිනවා.
අපි දැන් ජීවත් වෙන්නෙ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා හදා දීපු නිවසේ. ඒ නිවසත් දැන් දිරාපත් වෙලා. පසුගිය වැස්සට බිත්තියේ ඒක පැත්තක් කඩාගෙන වැටුණා. ගේ මැදින් ඉරිතැලුණා. තෙප්පන්කුලම වාන් දැමීම නිසා ගේ ඒක කාමරයක් කඩාගෙනම ගියා. මට දැන් පිහිටට කෙනෙක් නෑ.
පසුගිය මාස කිහිපයකට පෙර මාලනී ෆොන්සේකා මහත්මිය ඇවිත් මා සමගින් ෆොටෝ අරගෙන ගෙයක් හදලා දෙන්නම් කියා පොරොන්දු වී පිටව ගියා.ඊටපස්සෙ2012 දැයට කිරුළ වැඩසටහනට සමගාමීව නිවසක් සදාදෙන අටියෙන් අප නිවසේ ඉදිරිපිට එස්.එම්. චන්ද්‍රසේන ඇමතිතුමා ඇවිත් මුල්ගල තබා පිටව ගියා. ඒ වෙලාවෙ දැන් ඉන්න මහදිසාපතිතුමත් හිටියා. ඒ සියලුම දෙනා මට බොරු කළා"යනුවෙන්ද ඇය පැවසුවාය.
.gif)
.gif)
උපුල් හේරත්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
