නිට්ටඹුවෙහි පදිංචි සිත්ති මර්ලියා සෞදි අරාබියේ රියාද් නගරයේ කමිස්මුෂයිට් රජයේරෝහලේ වාට්ටුවක නේවාසිකව වසර 02කුත් මාස 05 ක කාලයක් රැඳී සිටියත්, ඇයව ලංකාවට ගෙන ඒමට බලධාරීන් කිසිදු පියවරක් ගෙන නැතැයි ඇය පැවසුවාය.
ඇය මෙයට වසර කිහිපයකට පෙර සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් ඇති අතර, සේවයේ නියුතු නිවසේ හිමිකරු වෙනත් නිවෙස්වල ගෘහ සේවය සඳහා ඇයව කුලියට ලබා දී ඇතැයි පැවසේ. ගෘහ සේවයේ නියුතු නිවැසියන් සමග රාමලාන් සැමරුමකට යාමේදී රිය අනතුරකට භාජනය වීමෙන් මෙසේ රෝගාතුර වී ඇතැයි ඇය පැවසුවාය.
දෙදරු මවක් වන මර්ලියාගේ ස්වාමිපුරුෂයා මිය ගොස් ඇති අතර, ඇය පිළිබඳව ලංකාවේ බලධාරීන් තොරතුරු දැනතත් ඒ සම්බන්ධව මුනිවත රැකීම ගැටලුවකි. අය පිළිබඳ වැඩි තොරතුරු දැනගැනීම සඳහා 00966557573059 යන අංකයට ඇමතිය හැක.
ලලිත් ප්රේමාලාල්