මරදාන ඩී.ආර්. විජේවර්ධන මාවතේ කසළ ගොඩක් අසල සඟවා තිබූ රුපියල් කෝටි තුනහමාරකට අධික වටිනාකමින් යුත් හෙරෝයින් මත්කුඩු කිලෝ තුනහමාරක් අද (11දා) සොයාගත් බව මරදාන පොලීසිය පවසයි.
මරදාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් පෙරේරා මහතාට ලද රහසිගත තොරතුරකට අනුව මත්කුඩු තොගය සොයාගෙන තිබේ.
මෙම මත්කුඩු තොගය කිසියම් ප්‍ර‘දේශයකට ප්‍රවාහනය කිරීම සඳහා සඟවා තබන්නට ඇති බවට බොහෝ දුරට සැකකළ හැකි යැයිද පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ