දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 25ක්, තුවාල ලැබීම් දෙකක් හා පුද්ගල අතුරුදන් වීම් 42ක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. එසේම මේ වන විට පවුල් 2811කට අයත් පුද්ගලයන් 7856ක් අවතැන්ව ඇති බවත් එම ආපදා කළමණාකරන මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.