මඳසරුබවට ප්‍රතිකාර කිරීමේ අංග සම්පූර්ණ ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව කෘත්‍රිම සංසේචනය (IVF) සහ ඩිම්බ /කලල අධි ශීත කිරීම වැනි නවීන ප්‍රතිකාර ක්‍රම හරහා මෙයට ප්‍රතිකාර කිරීමට නියමිතය.
එවැනි ප්‍රතිකාර කරන අංගසම්පූර්ණ සේවා මධ්‍යස්ථානයක් පළමුව කාසල් වීදිය කාන්තා රෝහලේ ස්ථාපිත කිරීමටත්, දෙවැනි මධ්‍යස්ථානය කරාපිටිය නව මාතෘ රෝහලේ ස්ථාපිත කිරීමටත් නියමිතය.
තුන්වැනි අදියර යටතේ අනෙකුත් සෑම පළාතකම එවැනි ප්‍රතිකාර මධ්‍යස්ථානය බැගින් ස්ථාපනය කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.මඳසරුභාවය ශ්‍රී ලංකාවේ අඹුසැමි යුවළ අතරින් 15෴කට වැඩි පිරිසක් මුහුණදෙන ගැටලුවක් වී තිබේ.