පසුගිය මස 13වන දින නවගමුව පොලිස් වසමේ කඩුවෙළ - මාලඹේ මාර්ගයේ කොතලාවල හංදිය පාසල් වංගුවේදී යතුරු පැදියකින් ගමන්කළ පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා කිරීමේ සිද්ධියට අදාල සැකකරුවන් තිදෙනෙකු අද (03දා) අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සඳහන් කරයි.
ඒ අනුව අද පූගොඩ, දෙල්ගොඩ හා කඩුවෙල ප්රදේශවලදී මෙම සැකකරුවන් හා අපරාධය සඳහා යොදාගත් ත්රීරෝද රථයක් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
අදාල සැකකරුවන් 23,22,35 වියේ පසුවන්නන් වන අතර හෙට (04දා) කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව එම ඒකකය සඳහන් කරයි.
සිදුවීම සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.