පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සහෝදරයා ලබන මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහාධිකරණ විනිසුරු සංජීව මොරායස් මහතා අද (24දා) නියෝග කළේය.
ඒ හලාවත මහාධිකරණයේ චූදිතයන්ට එරෙහිව විභාග වෙමින් පවතින නඩුවකට අදාළව ගොනු කර තිබූ ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙනි.
2008 නොවැම්බර් මස 24 වැනිදා හෝ ඊට ආසන්න දිනක කරුක්කුලිය ජයතිලකාරාම විහාරස්ථානයේදී එවකට ආරච්චිකට්ටුව ප්රාදේශීය ලේකම්වරයාව සිටි ධනසේන සූරසිංහ මහතාට පහරදී ඔහුගේ රාජකාරියට බාධා කරන ලදැයි කියන සිදුවීමකට අදාළව චූදිතයන්ට එරෙහිව හලාවත මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පැවති අතර එහිදී ඇප කොන්දේසි කිහිපයක් මත ඔවුන් මුදාහැර තිබේ.
එලෙස ගොනු කර තිබූ ඇප කොන්දේසි කඩ කිරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර එම නඩුව අද (24දා) කැඳවූ අවස්ථාවේදී චූදිතයන් අදාළ ඇප කොන්දේසි කඩ කර ඇති බව සඳහන් කරමින් මහාධිකරණ විනිසුරුවරයා ලබන මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.