දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ එක් මාසික වැටුපක් පරිත්‍යාග කර පොදු අරමුදලක් ආරම්භ කරන ලෙසට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
ඉන් අනතුරුව ඒ සඳහා රටේ පොදු ජනතාවද තමන්ගේ දායකත්වය ලබාදෙනු ඇතැයි ඔවුන් නිකරත් කළ නිවේදනයක දැක්වෙයි.
“සැබෑ ජනතා නියෝජිතයනා යනු ජනතාවගේ දුක හඳුනන ජනතාවට සහන සලසන ජනතාවගේ නායකයාම වන අතර එම අදාර්ශනය අනුව මෙරට පළාත් සභා හා පාරිලිමේන්තු මන්ත්‍රීවරුන්ද දිය මාසික වැටප මෙම අරමුදලට බැර කරනු ඇත” යනුවෙන් ඔවුන් නික්තු කළ නිවේදනයේ දැක්වෙයි.