වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාපරාධි අන්දමින් පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලන්තුමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා විසින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අද (22දා) බාර දුන්නේය.
පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා රුපියල් ලක්ෂක මුදල් හා රුපියල් ලක්ෂ 20 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකු සහිත ශරීර ඇප මත මුදාහැරීමට නියම කළ විනිසුරුවරා විත්තිකරුට විදේශ ගතවීම තහනම් කරමින් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාරයට ගත්තේය.
2012 ඔක්තෝම්බර් 31 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ, නාවල, ජයවර්ධපුර සහ කෝට්ටේ යන ස්ථාන වලදී ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොන්ග්රසය යන වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාපරාධි අන්දමින් සාවද්‍ය පරිහරණය කිරීම හා එම මුදල සම්බන්ධයෙන් විශ්වාසය කඩ කළ බවට නීතීපතිවරයා විසින් විත්තිකාර හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නඩු පවරා තිබිණි.