පසුගිය ජනපතිවරණ සමයේදී එවකට පොදු අපෙක්ෂකව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ රැස්වීමක සැරසිලි කරමින් සිටි එජාප ආධාකරවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට අද (07දා) ඇප නියම කිරීමට කොළඹ අභියාචනාධිකරණය නියෝග කළේය. රුපියල් ලක්ෂයක මුදල් ඇප හා ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා නිදහස් කරනු ලැබීය. පසුගිය ජනවාරි මාසයේ සිට ප්‍රේමලාල් ජයසේකර මහතා රිමාන්ඩ් භාරයේ සිටියේය.