ද්විත්ව පුරවැසිභාවය ඇති සහ නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කවුද යන්න ලබන මාසයේ මුල් සතිය තුළදී රටටම ප්‍රසිද්ධ කරන බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාගේ පුරවැසිභාවයන් පිළිබඳ ඊයේ (17දා) දිනයේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලා සිටි බවද එම සංගමයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
අදාළ පනත අනුව ඉල්ලා සිටි තොරතුරු වැඩකරන දින 14 ක් තුළ ලැබීමට නියමිත බවත්, ලැබෙන තොරතුරු මාධ්‍ය ප්‍රකාශ තුළින් හා පුවත්පත් දැන්වීම් තුළින් ප්‍රසිද්ධියට පත් කරන බවත් ඔහු පවසා සිටියේය.
එහිදී ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන් සිටිනවා නම් ඒ පිළිබඳ ජනතාවට සත්‍ය දැනගැනීමට හැකියාව තිබෙන බවත්, මීට අමතරව ඡන්ද දායකයන්ට අවශ්‍ය නම් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ලැබෙන බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.