ජාතික හෙළ උරුමයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක සහ මධ්‍යම කාරක සභික මධුමාධව අරවින්ද මහතා එම පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන බව ප්‍රකාශ කළේය.
ඊයේ (18දා) දිනයේදී සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන් බවත්, අනාගතයේදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ දේශපාලනය කරන බවත් හෙතෙම කීය.
පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාව නිර්මාණය කිරීම හේතුවෙන් ජාතික හෙළ උරුමයේ ගමන්මග වෙනස්ව වෙනත් අරමුණු ඔස්සේ නායකයන් කටයුතු කරන බව පවසමින් මධුමාධව අරවින්ද මහතා මෙසේ ඉල්ලා අස්වී තිබේ.