මධ්‍යම රාත්‍රියේදි කිව්වෙ නැත්තේ ජනතාව අවදිනැති නිසයි - කෙහෙළිය
ඊයේ (19දා) මධ්‍යම රාත්රියේදී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් නොකළේ එම වෙලාව වනවිට ජනතාව අවදියෙන් නොසිටින නිසා බව එජයේ කැබිනට් ප්‍රකාශක ප්රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා 2010 දී ජනාධිපති ධුරයට පත්ව වසර හතරක් ගතවූ පසු ඊයේ මධ්‍යම රාත්රියේදී ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමට අවස්ථාව තිබුණද ජනාධිපතිවරණයට ලැබුණු විශේෂ උපදෙස් සලකා බලා මධ්‍යම රාත්රියේදී එය ප්‍රකාශයට පත් නොකළ බවත් රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.
මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධව අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශකවරයා ඊයේ රාත්‍රියේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාවටද අද පැවැති කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීමටද ඔහු සහභාගී වූ බවත්, අද දින පත් කළ කමිටු කිහිපයක සභාපති ධුරයන්ද මෛත්‍රීපාල සිරිසේන මහතාට පිරිනැමූ බවත් පැවසීය. ඔහු විපක්ෂයට එක්වන බවට කටකතා පැතිරුණද එහි සත්‍ය අසත්‍යතාවය නොදන්නා බවත් හෙතෙම කියා සිටියේය.
ඡායාරූප ඉසුරු පෙරේරා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

