පවතින කාලගුණික තත්ත්වයත් සමග මධ්‍යම පළාතේ දැඩි මීදුම් තත්ත්වයක් දක්නට ලැබෙන අතර රාත්‍රී කාලයේ සිට උදෑසන 9.00 පමණ වනතුරු මෙම තත්ත්වය පවතී.
මහනුවර යාපනය ඒ නවය මාර්ගය, ඇලහැර - හඳුන්ගමුව ආදී ප්‍රධාන මාර්ග රැසක් දිනපතා දැඩි මීදුම් තත්ත්වයෙන් වැසී යමින් පවතින බැවින් අධික රථවාහන ගමනාගමනයක් පවතින ඒ නවය හා සෙසු මාර්ගවල සිය වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා රිය ධාවනය කරන්නැයි පොලීසිය ඉල්ලීමක්ද කළේය.
නාඋල - ඉන්දික අරුණ කුමාර