මධ්‍යම පළාත් සභාවේ බලය තිබෙන්නේ එජාපයටයි
මධ්‍යම පළාත් සභාවේ බලය මේ වනවිට එක්සත් ජාතික පෙරමුණට ඇති බවත්, එහි බලය තහවුරු කරගැනීම ගැටලුවක් වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය යහපාලන රාමුව තුළ එකට කටයුතු කිරීම නිසා බවත් මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක (එ.ජා.ප) චානක අයිලප්පෙරුම මහතා පවසයි.
හෙතෙම මෙසේ පැවසුවේ මධ්‍යම පළාත් සභාවේ මේ වන විට ඇති තත්ත්වය මාධ්‍ය වෙත දැන්වීම සඳහා මධ්‍යම පළාත් සභා විපක්ෂ නායක කාර්යාලයේදී අද (15දා) පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා,
“මධ්‍යම පළාත් සභාවේ බලය ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට පැමිණි පසු තීන්දු තීරණ ගැනීමට අපි අවස්ථාවක් ඉල්ලල තියෙනවා. අපිට අවශ්‍යවෙලා තියෙන්නෙ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටි මධ්‍යම පළාත් ජනතාවට සේවය කරන්න.
විශේෂයෙන්ම මේ මධ්‍යම පළාත ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමාත්, මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයත් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළා. නුවරඑළිය, මහනුවර, මාතලේ දිස්ත්‍රික්ක මැතිවරණ දෙකේදීම ජයග්‍රහණය කළා. ඒ නිසා මධ්‍යම පළාත් සභාවේ අයිතියක් එක්සත් ඡාතික පක්ෂයට තිබෙනවා” යැයි පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
