මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ස්වාධීනව කටයුතු කිරීමට ගත් තීරණයත් සමග මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන බලය ගිලිහී යාමේ තත්ත්වයක් උද්ගත වී තිබේ. පසුගියදා මධ්‍යම පළාත් සභාවේ අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු තවත් සන්ධාන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඔහු සමග ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබේ.
එම මන්ත්‍රීවරුන් පිරිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වීමේ බව දැනුම් දී ඇතැයිද වාර්තා වේ. මේ සමගම මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන බලය ගිලිහී යාමේ තත්ත්වයක්ද උත්ගත වී ඇති අතර, එක්සත් ජාතික පක්ෂයට බලය ලැබීමේ වැඩි අවස්ථාවක් නිර්මාණය වී තිබේ.
මධ්‍යම පළාත් සභාව තුළ සමස්ත මන්ත්‍රී කණ්ඩායම 58 ක් වන අතර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම 33 කි. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම 25 කි. මේ තත්ත්වය යටතේ ප්‍රමිත තෙන්නකෝන් මන්ත්‍රීවරයා සමග තවත් මන්ත්‍රීවරුන් 09 දෙනෙකු ස්වාධීන වීම තුළීන් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම 23 දක්වා අඩුවීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, එසේ වුවහොත් බහුතර බලය එක්සත් ජාතික පක්ෂයට හිමිවීමේ සම්භාවිතාවද ඉහළ යනු ඇත.