මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රිවරයෙකුව සිටි ආචාර්ය ජගත් විජේනායක මහතා හදිසියේ අභාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩුවූ මන්ත්‍රී ධුරය සඳහා එච්ගඒ රණසිංහ මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ඉදිරියේ අද (08දා) දිවුරුම් දුන්නේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කර මධ්‍යම පළාත් සභාවට තේරී පත්වූ ආචාර්ය ජගත් විජේනායක මහතාගේ හදිසියේ අභාවයෙන් පුරප්පාඩුවූ මන්ත්‍රී ධුරය සඳහා එච්ගඒග රණසිංහ මහතා පත්විය.
වසර 15 ක කාලයක් අඛණ්ඩව මහජන නියෝජිතයෙකු ලෙස මධ්‍යම පළාත් සභාව නියෝජනය කළ රණසිංහ මහතා පසුගිය පළාත් සභා මැතිවරණයේදී පරාජයට පත්වූයේය.
හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් විජේනායක මහතා පසුගිය 15 දා අභාවප්‍රාප්ත වූයේය.