මධ්‍යම කඳුකරයට බලපා ඇති අධික වැසි සහිත තත්ත්වයත් සමගින් මධ්‍යම කඳුකරයට දැඩි මීදුම් තත්ත්වයක් බලපා ඇති බවත් ඒ අනුව එම ප්‍රදේශයේ රිය ධාවනය කිරීමේදී සැළකිලිමත් වන ලෙසත් පොලීසිය පවසයි.
විශේෂයෙම් හපුතලේ, වේරගල, වැලිමඩ, නුවරඑළිය, ඇල්ල, දියතලාව හා බණ්ඩාරවෙල යන ප්‍රදේශවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දැකිය හැකි බව පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසයි.
පාසල් නිවාඩුවත් සමග බොහෝ පිරිසක් මේ දිනවල මධ්‍යම කඳුකරයේ සංචාරයන්හි නිරත වෙයි. ඉදිරියෙන් පසුව වාහනය නොපෙනෙන තරමටම මීඳුම අධික වී ඇතැයි පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවැසීය.