මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම සඳහා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අද පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී මෙහි පළමු අදියරේ ඉදිකිරීම් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 989ක මුල්‍ය පහසුකමක් චීන එක්සිම් බැංකුවෙන් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි.
මේහි දෙවැනි අදියරේ ඉදිකිරීම් මේ වනවිටත් සිදු කරමින් පවතින අතර නව මූල්‍ය පහසුකමත් සමඟ ඉදිකිරීම කටයුතු තවදුරටත් කඩිනම් වන බවද රජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් පවසා සිටියේය.