කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින නගරයට ගමන් ගන්නා මාර්ගයක් බවත්, එම මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට ජනතා සහාය අවශ්‍ය බවත් සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ඉඩම් අහිමිවන ජනතාවගේ ගැටලු නිරාකරණය කොට කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, එහිදී අමාත්‍යවරයා මේබව කීය.
අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ඉඩම් අහිමිවන ජනතාවට බලපා ඇති ගැටලු විමසමින්මෙහිදී පරීක්ෂාවට ලක්කෙරුණු අතර, ඒ අනුව ඉඩම් අහිමිවූවන්ට සාධාරණ ලෙස කඩිනමින් වන්දි ගෙවා අවසන් කිරීමට මෙහිදී තීරණය විය.