මදුරු මර්දනය කිරීම සඳහා කිසිදු ජල මූලාශ්‍රයකට තෙල් වර්ග මිශ්‍ර නොකරන ලෙස ජන සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළේය.
ජල මූලාශ්‍රවලට තෙල් වර්ග මිශ්‍ර කිරීම හරහා විශාල ලෙස මදුරු කීටයන් විනාශ නොවන බවත්, සිදුවන්නේ පරිසර විනාශයක් බවද හෙතෙම පවසා සිටියේය.
යම් ස්ථානයක ජලය රැඳී තිබෙනවා නම්, එම ස්ථානයේ ඩෙංගු කීටයන් සිටිය හැකි බවට සැකයක් තිබේ නම්, ඒ පිළිබඳව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කර රසායනික ද්‍රව්‍ය යොදාගෙන අදාළ කටයුත්ත සිදුකරන ලෙසද විජයමුණි මහතා ඉල්ලා සිටියි.