මද්දුම බණ්ඩාරට නීතිය හා සාමය දීම SF පිළිකුල් කරයි
තමාට නීතිය හා සාමය අමාත්‍යධුරය ලැබීමට රාජපක්ෂවාදීන් විරුද්ධ වූ බවත් අමාත්‍යධුරය පිරිනැමූ අයුරු ගැන අප්‍රසාදය ප්‍රකාශ කරන බවත් අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
හුණුපිටිය ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එසේම මහනුවර ඇතිවූ සිදුවූ නිසි තැන නිසි නායකත්වයක් නොතිබීම නිසා සිදුවූවක් බවත් තමා එම ස්ථානයේ සිටියේ නම් එවැනි දෙයක් සිදුනොවුණු ඇතැයිද ඔහු පැවැසීය.
“රාජපක්ෂවාදීන් විරුද්ධ වුණා. රාජපක්ෂවාදීන් අවබෝධ කරගෙන ඉන්නවා මම එවැනි තනතුරක් ගත්තොත් මම හරියට රාජකාරිය කරනවා, නිතිය හරියට ක්‍රියාත්මක වෙයි එතකොට රාජපක්ෂ කල්ලියට අභියෝගයක් වෙයි කියලා. එක්සත් ජාතික පක්ෂයේකරුවත් විරුද්ධ වුණේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්තුමා පවා මට සුබ පැතුවා. සන්ධානයේ මහ ලේකම් මට සුබ පැතුවා. පොහොට්ටුවට ආශීර්වාද කරන අය තමයි මේකට බයේ වෙව්ලන්න පටන් ගත්තේ.
ඒ තනතුර දැන් වෙනකෙනෙකුට දීලා තියෙනවා. රංජිත් මද්දුම බණ්ඩාර. එයා දන්නෙත් නැතුව ජනාධිපති කාර්යාලයට එන්න කියලා එක පාරටම දීලා තියෙනවා. ඒ තීරණ ගැනීම ගැන අපි ඉතා අප්‍රසාදයෙන් අපේ පිළිකුළ ප්‍රකාශ කරනවා. ඉදිරියට අපි අවශ්‍ය පියවර ගන්නවා.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

