කාත් (qat) නැමැති මත්ද්‍රව්‍ය විශේෂය සමඟ ශ්‍රී ලාංකිකයෙක් සවුදියේදී අත්අඩංගුවට පත්ව තිබෙන බව එමිරේට්ස් පුවත් සේවය සඳහන් කරයි.
හාල් හා රට ඉදි පැකට් තුළ අසුරා තිබූ කාත් පැකට් 450ක් පමණ මෙසේ සොයාගෙන තිබේ. ඔහු ගමන්ගත් මෝටර්රථය පරීක්ෂා කිරීමෙන් පසුව මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනිමට පොලීසිය සමත්ව තිබෙන බව එමිරේට්ස් පුවත් සේවය අද (01දා) වාර්තා කළේය.