මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික වැඩසටහනේ ප්‍රජා නායකවරුන් ලෙස සාම විනිසුරුවරුන් පත්කිරීමට අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික වැඩසටහනේ ප්රජානායකවරුන් ලෙස සාම විනිසුරුවරුන් පත්කළ බව නිවේදනය කරමින් අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍යාංශය මේ බව පැවසීය.
පසුගිය කාලපරිච්ඡේදය තුළ සමාජ අපරාධ රැල්ල වර්ධනය වූ බවත්, මේ සඳහා නීති විරෝධී මත්පැන්, මත්ද්‍රව්‍ය හේතු වී ඇති බව තහවුරු කර ඇති බවත්, එබැවින් සමාජ සුරක්ෂිතතාව, ගුණාත්මක වර්ධනයන් උදෙසා කටයුතු කිරීමට කැපවන ලෙසත් අමාත්‍යාංශය සාම විනිසුරුවරුන්ට දන්වයි.