මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ අප්‍රේල් මස 07 වැනිදා සිට ක්‍රියාත්මක කරන බවත්, මේ සඳහා දිවයිනේ සියලුම පාසල් දරුදැරියන් මෙන්ම ජනතාවද සම්බන්ධ කර ගන්නා බවත් අධිකරණ හා කම්කරු අමාත්‍යාංශය අවධාරණය කරයි.
දිවයිනේ ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමේ සිට මහජන ක්‍රියාකාරී රාජ්‍ය සංවිධාන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශවලද සහභාගීත්වයෙන් මෙම වැඩසටහන සිදුකරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක ඒකාබද්ධ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් කමිටුවේදී අද (03දා) මෙම තීරණය ගෙන තිබේ.