මත්තලට ඇන්ටනොවූ ගුවන් යානා 02ක්
- 12 06 2018
- 16:33
- {{hitsCtrl.values.hits}} views
- රාහුල් සමන්ත
මත්තල ගුවන්තොටුපොළ වෙත දෛනිකව පැමිණි එකම ගුවන් සේවය වන ෆ්ලයි ඩුබායි ගුවන් යානය පසුගියදා (08දා) මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණීම නැවත්වීමෙන් අනතුරුව පසුගිය දෙදින තුළ (10 වැනිදා සහ 11 වැනිදා) ඇන්ටනොවූ ගුවන් සමාගමට අයත් AN 12 වර්ගයේ ගුවන් යානා 02ක් එහි සේවා ලබා ගෙන තිබේ.
ඒ අනුව මත්තල ගුවන්තොටුපොළ එම යානා සඳහා කාර්යමණ්ඩල පහසුකම් සහ අනෙකුත් සේවා පහසුකම් ලබාදී තිබෙන බව එහි කළමනාකාර උපුල් කලංසූරිය මහතා පැවසීය.
එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උත්සව කටයුත්තක් සඳහා හම්බන්තොට ප්රදේශයට පැමිණීම වෙනුවෙන් සැහැල්ලු ගුවන් යානයකින් රත්මලානේ සිට මත්තල ගුවන්තොටුපොළ වෙත ඊයේ ( 11දා) පැමිණ තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

