මඩකලපුව, කාන්තාන්කුඩි ප්රදේශයේ හාල්මෝලක අද (26දා) උදෑසන සිදුවූ පිපිරීමකින් එම හාල්මෝල හා ගබඩාව සම්පූර්ණයෙන් විනාශ වී ඒ අවට ඇති නිවාස දෙකකටද බරපතළ හානිසිදුව ඇතැයි කාන්තාන්කුඩි පොලීසිය සඳහන් කරයි.
හාල්මෝලේ වී සකසන ගෑස් සිලින්ඩරයෙන් මෙම පිපිරීම සිදුව ඇතැයි සැකකරන බවත්, පිපිරීම හේතුවෙන් රුපියල් ලක්ෂ 25ක අලාභයක් සිදුව ඇති බවත් පොලීසිය පවසයි.
පිපිරීම හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාන්කුඩි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මඩකලපුව - ජවුෆර්කාන්