මඩකලපුවේ ගැටලු ගැන අධිකරණ ඇමතිගේ අවධානය
මඩකලපුවේ සිංහල ජනතාවට මතුව ඇති ප්‍රශ්න පිළිබඳව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ. ඒ පිළිබඳව වන සාකච්ඡාවක්ද අමාත්‍යවරයා ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව මංගලාරාමයේදී පවත්වා තිබේ.
මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමි, බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා මෙම සාකච්ඡාවට එක්ව තිබේ.
සාකච්ඡාවෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවැසුවේ මඩකලපුවේ ග්‍රාම සේවකවරුන්ගෙන් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඇතැම් අවස්ථාවලදී සිංහල ජනතාවට ගැටලු ඇතිව තිබෙන බවයි.
ඔවුන්ගේ ගැටලු පිළිබඳව කතා කිරීමට සිංහල මඩකලපුවේ මන්ත්‍රිවරයෙකු පළාත් සභාව තුළත්, පාර්ලිමේන්තුව තුළත් නොමැති බව අමාත්‍යවරයා පැවැසීය. සිංහල ජනතාවට මෙන්ම දමිල හා මුස්ලිම් ජනතාවට මඩකලපුවේ ගැටලු පවතින බව අම්පිටියේ හිමියන් තමන්ට පැවැසූ බවද අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

