ගුවන් යානයක බවට සැකකෙරෙන කොටසක් මඩකලපුව කලවංචිකුඩි මුහුදු තීරයෙන් සොයාගෙන ඇති අතර එය කුමක්ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වි නොමැති බවයි නාවික හමුදාව පැවසීය. මඩකලපුව කලවංචිකුඩි මුහුදු තීරයට ගොඩගසා තිබියදි ගුවන් යානයක බවට සැකකෙරෙන කොටසක් නාවික හමුදාව අද සොයාගත් අතර අනතුරුව නාවික හමුදාව එය ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කළ අතර මේ වනවිට මඩකලපුව නාවික අනුඛණ්ඩයට රැගෙන යමින් පවතින බව නාවික හමුදාව ප්රකාශකළේය.
එම ගුවන් යානා කොටස රුසියාවේ නිෂ්පාදිත ගුවන් යානයක ඉදිරිපස කොටසේ ආවරණයක් බව මේ වන විට තහවුරු වී ඇත්තේය. කෙසේ වෙතත්, නිෂ්චිත වශයෙන් එය කුමන ගුවන් යානයේ කොටසක් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.