පොල්ගස්ඕවිට ජයලියගම ප්‍රදේශයේ ඉඩමක වැට මායිමට සිටුවා තිබු මඤ්ඤොක්කා ගසක දල්ලක් උලා කෑ තෙමස් ගැබ්බර එළදෙනෙකුගේ වලිගය කපා, එම සත්ත්වයාට කැපුම් තුවාල සිදුකළ බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලීසිය පවසයි.
සැකකරු ජයගම ප්‍ර‘දේශයේ පදිංචි හිටපු යුධ හමුදා සෙබළෙකි.
පොල්ගස්ඕවිට ජයලියගම පාරේ පදිංචිව සිටින ගිණුම් නිලධාරියෙකු විසින් කලකට පෙර මරණයෙන් නිදහස් කර ගෙන එම ප්‍රදේශයේ කිරි ගොවියෙකුට ලබා දුන් එළදෙනෙකුට මෙලෙස මෙම අපරාධය සිදු කර ඇති බවට සිදුකළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පැමිණිල්ල පිළිබඳව ක්‍රියාත්මකවූ කහතුඩුව පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් ජයලියගම ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් ලද තොරතුරු ඔස්සේ සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව එම එළදෙනගේ කපා දමන ලද වලිගයේ කොටසද සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
අමිල සංකල්ප / බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ / මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර