බස් කර්මාන්තයේ පවතින අර්බුද නිසා ගෙවී ගිය වසර තුන තුළදී මගීන් ලක්ෂ 25ක් බස්රථවල යෑමෙන් ඉවත් වී ඇති බවට හෙළි වී තිබේ යැයි ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
බස් රථවලින් ඉවත් වූ පිරිසෙන් අතිබහුතර ප්රමාණයක් කාර්යාල සේවා රථ සේවාවල ගමන් පහසුකම් සලසා ගන්නා බවත්, තවත් පිරිසක් ත්රිරෝද රථ, කැබ් සර්විස්වල සේවය ලබා ගන්නා බවට හෙළි වී තිබෙන බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
මීට අමතරව තවත් පිරිසක් තමන්ට අයත් යතුරුපැදි හා කාර්වලින් සිය ගමන් පහසුකම් ලබාගන්නා බවට හෙළි වී තිබෙන බවද හෙතෙම කියා සිටියේය.