සෞදි අරාබියේ මක්කම ප්‍රධාන දේවස්ථානය තුළට දොඹකරයක් පෙරළිමෙන් සිදු වූ අනතුරෙන් කිසිඳු ශ්‍රී ලාංකික බැතිමතෙකුට අනතුරක් සිදු වී නැති බවට තහවුරු වී ඇතයි රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
සියයකට අධික බැතිමතුන් පිරිසක් ජිවිතක්ෂයට පත්වූ මෙම අනතුරෙන් දෙසීයකට අධික පිරිසක් තුවාල ලැබු අතර මියගිය අය හඳුනාගැනීම සඳහා මේ වනවිටත් විවිධ රටවලට අයත් මියගිය බැතිමතුන්ගේ ඡායාරුප 108 ක් තානාපති කාර්යාල වෙත මුදාහැර ඇතිබව සෞදි පුවත් පත් සදහන් කරයි.
ලලිත් ප්‍රේමලාල් (සෞදි අරාබියේ සිට)